News

SLIATE සහ HND in MANAGEMENT ගැන තොරතුරු බිදක්..



( තවත් කෙනෙකුගේ අනාගතය සාර්ථක කිරීමට මේ තොරතුරැ ඔබට වැදගත් වනවා නොවනුමානයි. එබැවින් අවසානය තෙක්ම කියවන්න )
අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම්පස් එකකට යන්න.
උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක.
සල්ලී තියෙන යාළුවෝ අම්මාගෙන් තාත්තගෙන් සල්ලී අරන් විවිධ ඩිප්ලෝමා පාඨමාලා ගන්න රෙජිස්ටර් වෙද්දී දුප්පත් අම්මා තාත්තගේ ඔයාටත් දැන් හිතෙනවා ඇති, මම විභාගේ පාස් වුනත් කැම්පස් යන්න බැරි වුණා, ඒ නිසා මට උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කිසිදු අවස්ථාවක් නැහැ කියලා.මට මතකයි මගේ යාළුවො දෙන්නෙක්ගේ අදහස් දෙකක් Cut Off Marks ආවාට පස්සේ.
“Commerce කරපු මගේ හීනේ වුණේ ගණකාධිකාරී කෙනෙක් හරි කළමණාකරුවෙක්  වෙන්න. ඒත් වුනාට කැම්පස් එකේ ගණකාධීකාරණ පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ....
මෙහෙම හිතලා උසස් පෙළ සමත් වුනත් උසස් අධ්‍යාපනය අතහැර දමන රටකට අවශය වටිනා බුද්ධිමතුන් පිරිසක් හැම වසරෙම මෙම කාලසීමාවේදී අපට අහිමි වෙයි.

නමුත් ඔබ දන්නවාද ඕනෑම විෂය කාණඩයක් ඔස්සේ ( ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා) ඔබ ලබාගත් Z core අගයට වටිනාකමක් ලබා දෙමින් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගත හැකි මෙන්න ඒ තුළින් ස්ථාවර වැටුපක් උපයා ගත හැකි රැකියාවක් තමා සතු කරගනිමින් පැහැබර අනාගතයක් සාදන ආයතනයක් පවතී. 
ඒ තමයි SLIATE ආයතනය.

මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ?

Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

* සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* නේවාසිකාගාර පහසුකම්
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
* බස් / දුම්රිය සහන කාලය
* ක්‍රීඩා පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ    තොරතුරු තාක්ෂණ විද්යාගාර

ඉතින් මේ වන විට වැඩිම ඉල්ලුමක් තිබෙන 
කළමණාකරන අංශයේ 
උසස් රැකියා සහ උපාධි සදහා අවශ්‍ය වන 
SLIATE ආයතනයේ පවතින කළමණාකරණ පාඨමාලාව ගැන තොරතුරු පහත වෙයි.

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව HNDM

මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්
පුර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී 
NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

  • lincoln විශ්ව විද්‍යාලයේ BBAඅවසන් වසර දක්වා පාඨමාලා කාලය ලිහිල් කළහැකි වීම සහ MBA දක්වා මාර්ගය විවර වී තිබීම
  • විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.
  • CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
  • IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
  • AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
  • SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.
  • පාඨමාලාව අතරතුර සහ අවසානයේ රැකියා අවස්ථා උදාකර ගත හැකිවීම


*හැදැරීම හැකි SLIATE ආයතන
දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/බදුල්ල/යාපනය
ඉතින් පසුතැවිලි නොවන්නග
මේ ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සදහා ඇති
දෙවන බලාපොරොත්තුවයි!
_ මහ නුවර උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව_

වැඩි විස්තර සැකැවින්

No comments:

Post a Comment